බස්නාහිර පළාත් කළමණාකරණ සංවර්ධන පුහුණු ඒකකය

බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/90 අනුව පිහිටුවා ඇති, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/90 හා 10/2001 අනුව වැඩි දියුණු වූ බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය ප්‍රධාන ලේකම් කාර්යාලයේ ස්ථාපනය කොට ඇත. වසරකට පුහුණු වැඩසටහන් 150කට වැඩි සංඛාවක් පවත්වමින් නිලධාරීන් 5000කට වැඩි පිරිසකට පුහුණුව ලබා දෙන මෙම ඒකකය වසරින් වසර විවිධ වූ නව පුහුණු වැඩසටහන් හදුන්වා දෙමින් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයෙහි සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදු කිරීමට අවශ්‍ය මග පෙන්වීම සඳහා කැපවී සිටින්නෙමු.

අපගේ කාර්යයන්

  • සියළුම කාර්ය මණ්ඩලයන් සඳහා පුහුණු අවශ්‍යතාවන් හදුනාගෙක වැඩසටහන් සැකසීම හා පැවැත්වීම.
  • තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණ ආයතන වෙත යොමු වන නිලධාරීන් සඳහා ප‍්‍රතිපාදන ලබා දීම.
  • භාෂා ප‍්‍රවීණතාවය සඳහා මූල්‍ය පහසුකම් සැලසීම.
  • බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් ආවරණය නොවන අත්‍යවශ්‍ය පුහුණු වැඩසටහන් සඳහා බාහිර ආයතනයන්ට යොමුවන නිලධාරීන්ට ප‍්‍රතිපාදන ලබා දීම
  • ඩිප්ලෝමා, පශ්චාත් උපාධි සඳහා ප‍්‍රතිපාදන ලබා දීම
  • අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සඳහා විශේෂ පුහුණු වැඩසටහන් සඳහා ප‍්‍රතිපාදන නිකුත් කිරීම
  • විදේශ ශිෂ්‍යත්ව සඳහා පහසුකම් සැපයීම.

​සම්බන්ධ වන්න - බස්නාහිර පළාත් කළමණාකරණ සංවර්ධන පුහුණු ඒකකය

  • දුරකතන අංකය (ස්ථාවර) – 011 209 2646
  • ෆැක්ස් අංකය – 011 209 2647
  • විද්‍යුත් ලිපිනය – wpmdtu1@gmail.com

මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනය

දැක්ම

උදාර මානව ගුණය ඉස්මතු කරමින් දේශයේ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා විශිෂ්ඨත්වය අවධිකරණ පුහුණු නිකේතනයක්

මෙහෙවර

ජනතාවට තිරසාර සංවර්ධනයක් උදාකිරීමට දායකවන බස්නාහිර පළාත් රාජ්‍ය සේවාවේ මානව සම්පතෙහි සේවා කාර්යක්ෂමතාවය හා කාර්ය ප්‍රවර්ධනය හා පුහුණුව තුලින් නංවා ලීම

ආයතනය පිළිබඳ හැඳින්වීම

බස්නාහිර පළාත් මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනය බස්නාහිර පළාත් සභාවේ නිළධාරින් ඇතුලු කාර්ය මණ්ඩලය සඳහා කළමනාකරණ පුහුණු ලබා දීමේ අරමුණින් 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ එවකට නිමාවූ ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියට අයත්ව පැවති ගොඩනැගිලි සංකීර්ණය හා අනෙකුත් වත්කම් බස්නාහිර පළාත් සභාව වෙත පවරා දීමෙන් අනතුරුවයි.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කාර්ය මණ්ඩලය දේශීය පුහුණු කටයුතු සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම මෙන්ම පළාතේ පවත්නා ආයතනික පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒ අනුව නව පුහුණු සැලසුම් වාර්ෂිකව සම්පාදනය කිරීම ආයතනයේ මූලික කාර්ය භාරය වේ.

මෙම බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කාර්ය මණ්ඩලයට අමතරව රාජ්‍ය මෙන්ම රාජ්‍ය අනුබද්ධ ආයතනයන්ද , රාජ්‍ය නොවන සංවිධානයන්ද නියෝජනය කරමින් පැවැත්වෙන පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමද මෙම ආයතනය මගින් සිදු කෙරේ.

එම නිසා දිවයිනේ විවිධ පළාත්වල කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පුහුණු වීම් කටයුතු සඳහා ද ගම්පහ දිස්ත්‍රික්කයේ මොරැන්න ග්‍රාමයේ රමණීය පරිසරයක් පිහිටා ඇති මෙම පුහුණු ආයතනය තෝරා ගනු ලබයි.වායු සමීකරණය කරන ලද පුහුණු ආධාරක සහිත දේශන ශාලා පහසුකම් , ප්‍රනීත මෙන්ම ලාකිකත්වය රැකෙන ආහාර පාන ලබා ගැනීමේ පහසුකම් , සම්පත්දායකයින් සඳහා නේවාසික පහසුකම් , රජයේ අනුමත මිළ ගණන් යටතේ ලබා ගත හැකිය.

අපගේ කාර්යයන්

  • බස්නාහිර පළාතේ වාර්ෂික කළමනාකරණ පුහුණු සැලැස්ම සඳහා පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම
  • වාර්ෂික පුහුණු සැලැස්ම සකස් කිරීම හා බෙදා හැරීම
  • සුදුසුකම් ලත් ප්‍රවීන සම්පත්දායකයින් හඳුනා ගැනීම හා එම තොරතුරු දත්ත රැස් කිරීම තුලින් ලියාපදිංචි කිරීම
  • පුහුණු පාඨමාලාවන්ට අදාල විෂය නිර්දේශ ලිවීම
  • අදාල සැසි හඳුනා ගැනීම සහ එයට අදාල අත් පත්‍රිකා සැකසීම
  • පුහුණු වැඩ සටහන් පැවැත්වීම
  • පුහුණු වැඩ සටහන් ඇගයීම හා සංශෝධන අවශ්‍ය පරිදි එක් කිරීම
  • පුහුණු වැඩ සටහන් පසු විපරම් කටයුතු හා ඉදිරි වර්ෂයේ සංවර්ධනයට අවශ්‍යතා දත්ත -තොරතුරු රැස් කිරීම
  • ආයතනයේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම හා ඵලදායීතාවය නංවාලීම
  • බාහිර ආයතන වෙනුවෙන් පුහුණු කටයුතු සඳහා ආයතනයේ සේවාවන් ලබා දීම

සම්බන්ධ වන්න - මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනය

  • අධ්‍යක්ෂ – සුජාන් ජිසන්ත
    • දුරකතන අංකය (ස්ථාවර) – 033 228 7026
    • දුරකතන අංකය (ජංගම) – 077 766 8236
  • ෆැක්ස් – 033 228 7026
  • විද්‍යුත් ලිපිනය – hrdmmoranna@gmail.com